සියලුම බදු ගෙවන්නන්ට 2024/2025 තක්සේරු වර්ෂය සඳහා අදාළ ආදායම් බදු අවසන් ගෙවීම් 2025 සැප්තැම්බර් 30 දිනට හෝ ඊට පෙර සිදු කරන ලෙස දැනුම් දී තිබෙනවා.
මෙය තනි පුද්ගලයන්, සමාගම්, සංස්ථා, හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සියලුම ලියාපදිංචි ආයතන ඇතුළු සියලුම බදු ගෙවන්නන්ට අදාල වන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව Online Tax Payment Platform (OTPP) මඟින් අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ (Bank of Ceylon) ඕනෑම ශාඛාවක් වෙත ගොස් අදාළ ගෙවීම සිදු කළ හැකි වනවා .
ප්‍රමාද වීම් හෝ ගෙවීම් පැහැර හැරීම් සඳහා පොලී සහ දඩ මුදල් අය කරන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ හේතුවෙන්, බදු ගෙවන්නන් මුදල් ගෙවීමේ ස්ලිප් (Paying-in slips) ලැබෙන තෙක් බලා නොසිට නියමිත දිනට පෙර ගෙවීම් සිදු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

