TikTok විකිණීම සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි

TikTok හි ඇමරිකානු කොටස් විකිණීම සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

එසේම චීනය ද මේ සඳහා සහය පළ කරන බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් ගනුදෙනුව තවමත් සම්පූර්ණ වී නොමැති බවයි සඳහන් වෙන්නේ.

එසේම තවමත් ගනුදෙනුවට සහභාගී වන ආයෝජකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව තවමත් නිකුත් කර නොමැත.