මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද (26) සිට GovPay හරහා සිදු කිරීමේ හැකියාව ඇතැයි බව පරිසර අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙමගින් මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන්ගේ ඕනෑම ගෙවීම් කටයුත්තක් GovPay හරහා අද සිට සිදු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවය.
මේ හරහා මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන්ට කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
මේ වන විට රජයේ ආයතන 137 ක් GovPay හරහා සම්බන්ධ වී තිබෙනවා.

