සැප්තැම්බර් වැඩිහිටි දීමනාව හෙට බැංකු ගිණුම් වෙත

සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (26) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

මෙහි දී රු. 3,014,260,000ක මුදලක් ප්‍රතිලාභීන් 602,852ක් අතරේ බෙදා හැරීමට නියමිතයි.

ඒ අනුව අදාළ ප්‍රතිලාභින්ට සැප්තැම්බර් මස 26 දින සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාල අස්වැසුම ප්‍රතිලාභි බැංකු ගිනුම මඟින් ලබා ගත හැකිය.