පියයුරු පිළිකා නිසා දිනකට රෝගීන් තිදෙනකුට දිවි අහිමිවෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනෙහි අධ්යක්ෂ, වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහත්මිය පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඇය මේ බව කියා සිටියා.
2022 වසරේ වාර්තා වූ දත්ත මත පදනම් වෙමින් ඇය පවසා සිටියේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර පිළිකා රෝගීන් 19,457ක් හඳුනාගෙන ඇති බවයි.
ඒ අතරෙන් පියයුරු පිළිකා 5477ක් ආසන්න වශයෙන් හඳුනාගෙන ඇත.
එසේම කාන්තාවන්ට සෑදෙන පිළිකා අතරින් 28%ක් පියයුරු පිළිකා බවයි ඇය පවසා සිටියේ.
පිළිකා රෝගය නිසා වසරකට 15245ක් මිය යන බවත් එයින් පිළිකා රෝගය නිසා 798ක් මියයන අතර දිනකට පියයුරු පිළිකා නව රෝගීන් 15ක් සොයා ගන්නා බවත් ඇය පැවසුවේ.

