Ragasa චණ්ඩ කුණාටුව හේතුවෙන් තායිවානයේ මේ වන විට 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අඟහරුවාදා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව නිසා නැගෙනහිර තායිවානයේ හුවාලියන් ප්‍රාන්තයේ ගුවාංෆු නගරයේ වැවක් පිටාර ගැලීම නිසා මෙම මරණ සිදුව ඇත.
පැයට කිලෝමීටර 241 ක වේගයෙන් හමන සුපිරි සුළි කුණාටුවක් වන රාගසා මේ වන විට චීනයේ දකුණු ගුවැන්ඩොං පළාතට ගොඩ වැදීමට නියමිතව තිබෙනවා.
මේ හේතුවෙන් එම පළාතේ පදිංචිකරුවන් මිලියන 1.9ක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර තිබෙන බවයි චීන මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම සුපිරි කුණාටුව හේතුවෙන් ෂුහායි සහ හොංකොං නගරයේ වෙරළ තීරයන් වල ප්‍රබල මුහුදු රළ ඇති වී තිබෙනවා.

