ලංවිම අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තවදුරටත්, වර්ජනයක් දැනට නෑ

ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් දක්වා රැගෙන නොයන බව වෘත්තිය සමිති පවසනවා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිතරව සිටින සියලු වෘත්තීය සමිති එක්ව අද (24) දහවල් පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් මෙතෙක් ක්‍රියාත්මක අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක කිරිමටයි මෙම සාකච්ඡාවේ දී තීරණය වී ඇත්තේ.