TikTok ගැන ට්‍රම්ප් සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

මේ දිනවල කතා බහට ලක්වෙන රාජ තාන්ත්‍රික ගැටළුවක් බවට පත්ව ඇති TikTok සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති Xi Jinping අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහි දී ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම්වල අනාගතය පිළිබඳ ගිවිසුමක් අනුමත කළ බවයි ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ.

කෙසේවෙතත් චීනයේ නිල රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන සින්ජුවා ඔවුන්ගේ සාකච්ඡාවේ ප්‍රතිඵලය අපැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

චීන සමාගමක් වන Bytedance විසින් පවත්වා ගෙන යන TikTok යෙදුමේ මෙහෙයුම් කටයුතු ඇමරිකාව තුළ සිදු කිරීමට නම් එම අංශය ඇමරිකානු සමාගමක් වෙත විකිණිය යුතු බවයි ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ.

ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ හි ලියා ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් දෙපාර්ශවය ප්‍රගතියක් අත්කර ගෙන ඇති බවයි.

එසේම ඔවුන් ඔක්තෝබර් අගදී දකුණු කොරියාවේ ආරම්භ වීමට නියමිත ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (Apec) සමුළුවේදී ද හමුවීමට නියමිතයි.