තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදයක්

තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා වූ නව ක්‍රමවේදය සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම නව ක්‍රමවේදය යටතේ ගොවීන්ට තමන් කැමති ඕනෑම ස්ථානයකින් පොහොර ලබාගත හැකි බවයි හෙතෙම සඳහන් කළේ.

පොල් නිෂ්පාදනය වැඩිකිරීම හා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ ගැටලු  පිළිබඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

මේ අතර තේ සහ රබර් වතුවල අතහැර දැමූ ප්‍රදේශ පුනරුත්ථාපනය කරන ලෙස වතු සමාගම්වලින් ඉල්ලා ඇති අතර, ඔවුන් සුදුසු පියවර නොගන්නේ නම්, එවැනි ප්‍රදේශ වගා කටයුතු සඳහා යොදා ගැනීමට තීරණය කරන බව ද මෙහි දී සඳහන් කළා.