හෙට ජල කප්පාදුව අවලංගු වෙයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ පැය 09ක කාලයක් පුරා සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය විසින් මීට පෙර දැනුම් දී තිබුණි.

නමුත් පසුව නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ එම තිබු ජල කප්පාදුව සිදු නොවන බවය.

අදාළ නිවේදනය පහතින්,