මේ දවස් වල හැමෝම වගේ glycolic acid භාවිතා කරනවා නේ…. එක product එකක් වුනත් මේකේ ප්‍රයෝජන නම් ගොඩක් තියෙනවා.
මේ glycolic acid එක Alpha-Hydroxy Acid – AHA කියන කාණ්ඩයට අයිති වෙනවා. එහි ඇති කුඩා අණුක ව්‍යුහය නිසා සමේ ගැඹුරටම විනිවිද යාමට එයට හැකියාව තියෙනවා.
සමේ මතුපිට ස්ථරය ඉවත් කිරීම (Exfoliation)
Glycolic acid වල ප්‍රධානතම කාර්යය වන්නේ සමේ මිය ගිය සෛල ස්ථරය ඉවත් කිරීමයි. එය සමේ සෛල එකට බැඳ තබන බන්ධන දුර්වල කරමින්, නව සහ නැවුම් සමක් මතුපිටට ගෙන ඒමට උදව් කරනවා. වඩාත් දීප්තිමත් හා සිනිඳු පෙනුමක් ලබා ගන්න මේ glycolic acid භාවිතා කරන්න පුළුවන්.
Even Skin Tone එකක් ඇති කර ගන්න
සමේ අවපැහැ ගැන්වීම්, කළු ලප සහ කුරුලෑ නිසා ඇති වූ ලප කැළැල් සහ hyperpigmentation තත්ත්ව ඉවත් කිරීමට glycolic acid ඉතාමත් ඵලදායීයි. නිතිපතා භාවිතයෙන් සමේ වර්ණය සමබර කර, එකම වර්ණයකින් යුත් පැහැපත් සමක් ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම එය හිරු එළියෙන් ඇති වූ අඳුරු පැල්ලම් මකා දාන්නත් මේක උදව් වෙනවා.
Wrinkles නැති කරන්න
Glycolic acid කොලජන් නිෂ්පාදනය උත්තේජනය කිරීමට උදව් කරනවා. කොලජන් යනු සමේ තරුණ බව සහ ප්‍රත්‍යාස්ථතාව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය ප්‍රෝටීනයක්. කොලජන් වැඩි වීම නිසා සියුම් රැලි සහ රේඛා අඩු වී සමට වඩාත් තරුණ පෙනුමක් ලබා දෙනවා.
කුරුලෑ සඳහා ප්‍රතිකාර
ඒ අවගේම සමේ සිදුරු අවහිර වී කුරුලෑ ඇති වීම වළක්වා ගැනීමට glycolic acid උදව් කරනවා. එය සමේ සිදුරු පිරිසිදු කරමින්, කුරුලෑ ඇති කරන බැක්ටීරියා වර්ධනය වීම පාලනය කිරීමටත් දායක වෙනවා. සමේ තෙල් ගතිය පාලනය කරන්නත් ඒක උදව් වෙනවා.
ඔයා Glycolic acid එකක් භාවිතා කරන්න යනවා නම් මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න,
ඔබ glycolic acid අලුතින් භාවිතා කරනවා නම්, 5% වැනි අඩු සාන්ද්‍රණයකින් ආරම්භ කර ක්‍රමයෙන් සාන්ද්‍රණය වැඩි කිරීම සුදුසු වෙනවා. ඒ වගේම සැමට හුරු වෙනකම් සතියට වරක් හෝ දෙවරක් භාවිත කරමින් ටිකින් ටික වැඩි කරන්න පුළුවන්.
ඒ වගේම Glycolic acid භාවිතයෙන් පසු සම හිරු එළියට සංවේදී වෙනවා. ඒ නිසා දවසට වරක්වත් SPF සහිත sunscreen භාවිතා කිරීම අනිවාර්ය වෙනවා.
සංවේදී සමක් ඇති අයට මුල් අවස්ථාවේදී සුළු දැවිල්ලක් හෝ රතු පැහැ ගැන්වීමක් ඇති විය හැකියි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් භාවිතය නතර කිරීම හෝ අඩු කිරීම සුදුසුයි. ආසාත්මිකතාවයක් නැත්නම් දිනපතා භාවිතා කරන්න පුළුවන්.
Vitamin C, Retinoids (විටමින් ඒ), සහ Salicylic acid වැනි තවත් ක්‍රියාකාරී අමුද්‍රව්‍ය සමඟ එකවර glycolic acid භාවිතා කිරීමෙන් සමට හානි විය හැකියි. ඒ නිසා ඒවා වෙන වෙනම භාවිතා කිරීම වඩාත් සුදුසු වෙනවා.

