ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වෙන්න ඇමරිකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ලබන සැප්තැම්බර් 22වන දින ඇමරිකා එක්සත් ජනපදයට යාමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරය අතරතුර, ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් සහ රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට නියමිතයි.

එසේම හෙතෙම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද හමුවීමට සැලසුම් කර තිබෙනවා.

එක්සත් ජනපදයේ සිය කටයුතු අවසන් කිරීමෙන් පසු, ජපාන රජයේ ආරාධනයෙන් ජනාධිපති දිසානායක සැප්තැම්බර් 26වන දින ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වෙනවා.

ජපානයේ සංචාරය අතරතුර, ජනාධිපතිවරයා මේ මස 27වන දින ලෝක ප්‍රදර්ශන ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී වන අතර ජ්‍යෙෂ්ඨ ජපන් නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටද සූදානම් බව සඳහන්.