ඉන්දියාවේ Assam ප්‍රාන්තයේ භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ අද (14) ප.ව. 4.41කට පමණ භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

ඉන්දියාවේ භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානයට අනුව එහි ප්‍රබලත්වය රික්ටර් මාපකගේ 5.8ක් පමණ වනවා.

එහි කේන්ද්‍රය උදල්ගුරි දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර භූමිකම්පාවේ ගැඹුර කිලෝමීටර 5 ක් ලෙස දැක්වෙනවා.

අනෙකුත් ඊසානදිග ප්‍රාන්තවල සහ අසල්වැසි භූතානයට ද මෙම කම්පනය දැනුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇසෑම් ප්‍රධාන අමාත්‍ය හිමන්ත බිස්වා පැවසුවේ කම්පනය හේතුවෙන් කිසිදු ප්‍රධාන හානියක් හෝ ජීවිත හානියක් පිළිබඳ වාර්තාවක් නොමැති බවයි.