පාකිස්තානයේ ගංවතුර හේතුවෙන් මිලියන දෙකක ජනතාවක් ඉවත් කරයි

පාකිස්තානයේ පන්ජාබ් පළාතට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියන දෙකකට අධික ජනතාවක් ඉවත් කර තිබෙනවා.

එසේම සින්ද් පළාතේ තවත් 150,000 ක් ඉවත් කර ඇති බව ජාතික ආපදා කළමනාකරණ ප්‍රධානී ඉනාම් හයිඩර් මලික් පැවසුවා.

මේ අතර ජුනි මස අග සිට පාකිස්තානයට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් රට පුරා පුද්ගලයින් 900 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.

ගංවතුර හේතුවෙන් ගොවිපොළ සහ නිවාස විශාල ප්‍රමාණයක් ද විනාශ වී ගොස් ඇති බවයි පකිස්තාන මාධ්‍ය වාර්තා කරන්නේ.

ගංවතුරෙන් විපතට පත් වූවන් රැගෙන ගිය ගලවා ගැනීමේ බෝට්ටුවක් ඉන්දු ගඟේ පෙරළීමෙන් අඟහරුවාදා පුද්ගලයින් නව දෙනෙකු මිය ගොස් තිබෙනවා.