ලංවිම සේවකයන් ලබන 15 දක්වා අකුරට වැඩ කරන්න යයි

විදුලි බලමණ්ඩලයේ සේවකයින් විසින් ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජය කිසිදු අවධානයක් මේ දක්වා යොමුකර නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය චෝදනා කරනවා.

ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

එහි පලමු අදියර මෙම මස 15 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

කෙසේවෙතත් රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ එහි ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අවධාරණය කරනවා.