ශ්රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල නැවත වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත් කර තිබෙනවා.
අදාළ පාර්ශ්වවල එකඟතාව සහිතව මෙම පත්වීම සිදුකළ බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී. සේනාරත්න මහතා ප්රකාශ කළේ.
ඉදිරි නිලවරණය පවත්වන තෙක් මෙම පත්කිරීම බලපැවැත්වෙන වෙනවා.
පසුගියදා ප්රදීප් නිලංග දෑල මහතාගේ ධුර කාලය අවසන් වූ අතර ඉන් මාස තුනක් ඇතුළත නිලවරණය පැවැත්විය යුතු වනවා.
කෙසේ වෙතත් නිලවරණය පවත්වන දිනය තවමත් තීරණය කර නොමැති බව වාර්තා වෙනවා.

