රතු මුහුදේ මුහුදු පතුලේ කේබල් බිඳවැටීමක් හේතුවෙන් ඉන්දියාව, පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ආසියාවේ සහ මැද පෙරදිග සමහර ප්‍රදේශවල අන්තර්ජාල ප්‍රවේශයට බාධා ඇති වී ඇතැයි NetBlocks සඳහන් කරනවා.
කේබල් බිඳ වැටීමට හේතුව කුමක් ද යන්න නිශ්චිතව තවමත් සොයා ගෙන නැහැ.
සෞදි අරාබියේ ජෙඩා අසල SMW4 සහ IMEWE කේබල් පද්ධතිවලට සිදු වූ බලපෑම හේතුවෙන් විශේෂයෙන් ඉන්දියාව සහ පකිස්ථානයට බලපෑම් එල්ල වී ඇත.
එසේම සිය Azure cloud service එකට ද මින් බලපෑම් එල්ල වී ඇති බවයි Microsoft ආයතනය සඳහන් කළේ.
මේ හේතුවෙන් මැද පෙරදිග හරහා මාර්ගවලින් එන තම පරිශීලකයින්ට සේවා බාධා ඇති විය හැකි බවයි එම සමාගම පවසන්නේ.
මුහුදු පතුලේ මෙම හානි වූ කේබල් අලුත්වැඩියා කිරීම සඳහා යම් කාලයක් ගත වන අතර මේ හේතුවෙන් සිදුවන බලපෑම අවම කිරීම සඳහා නිරන්තරයෙන් අවධානයෙන් සිටිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි Microsoft වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

