ජපාන අගමැති Shigeru Ishiba ඉල්ලා අස්වෙයි

ජපාන අගමැති Shigeru Ishiba ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා.

එක්සත් ජනපදය සමඟ ඇති කරගත් තීරුබදු ගිවිසුමක් නිසි ලෙස ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීමට අවශ්‍ය බව පවසමිනුයි ඔහු මෙම ඉල්ලා අස්වීම නිවේදනය කර සිටියේ.

එසේම ජූලි මාසයේ පැවති මැතිවරණයකින් එහි පාලක LDP පක්ෂය ඓතිහාසික පරාජයකට ලක්වීමෙන් සති කිහිපයකට පසු මෙම තීරණය ගැනීම විශේෂත්වයක්.

ඒ අනුව LDP හි සභාපති ධුරය සඳහා පක්ෂය මැතිවරණයක් පවත්වන තෙක් ඉෂිබා අගමැති ලෙස සිය ධුරයේ කටයුතු කරනු ඇත.