WhatsApp, Facebook, X ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා වෙත ප්‍රවේශ වීම නේපාල රජය විසින් අවහිර කර තිබෙනවා.
ඒ එම සමාජ මාධ්‍ය වේදිකා නේපාල රජයේ ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවලට අනුකූල වීමට අපොහොසත් වීම හේතුවෙනුයි.
එම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ දී TikTok සහ Viber ඇතුළුව සමාජ මාධ්‍ය ජාලා පහක් පමණක් විධිමත් ලෙස ලියාපදිංචි වී ඇති අතර තවත් ජාලා දෙකක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සිදු කරමින් පවතින බවයි වාර්තා වෙන්නේ.
සයිබර් අපරාධ, සමාජ මාධ්‍ය පුරා පැතිර යන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය තොරතුරු පාලනය කිරීමේ එක් පියවරක් ලෙසයි මෙම අවහිර කිරීම සිදු කර ඇත්තේ.

