හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට සැත්කමක්

හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට සමේ පිළිකා සැත්කමක් සිදු කර ඇතැයි වාර්තා වෙනවා.

ඔහුගේ ප්‍රකාශිකාව සඳහන් කළේ බයිඩන්ට මෝස් සැත්කමක් සිදු කළ බවයි.

පිළිකාවක් ඇති බවට කිසිදු සාක්ෂියක් ඉතිරි නොවන තෙක් සම කපා දැමීමට මෙම ක්‍රියා පටිපාටිය භාවිතා කරනු ලබනවා.

2023 දී බයිඩන්ගේ පපුවෙන් පිළිකා සමේ තුවාලයක් ඉවත් කරනු ලැබුවා.

ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති ආක්‍රමණශීලී ආකාරයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඔහුට ඇති බව පසුගිය මැයි මාසයේ දී හඳුනා ගන්නා ලදී.

ජෝ බයිඩන් මේ වන විට 82 හැවිරිදි වියේ පසුවනවා.