මත්ද්‍රව්‍ය චෝදනා වලට පුද්ගලයන් 142,027 දෙනෙක් අත්අඩංගුවට

වසරේ ගතවු කාලය තුල පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ආරක්ෂක අංශ එක්ව ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයින් 142,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුම යටතේ ජනවාරි පළමුවැනිදා සිට අගෝස්තු 25 වැනිදා දක්වා කාලය තුල, හෙරොයින් සම්බන්ධයෙන් 43,564 දෙනෙකු අයිස් සම්බන්ධයෙන් 51,950 දෙනෙකු හා ගංජා සම්බන්ධයෙන් පුද්ගලයන් 46,513 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම අදාල කාලසීමාව තුල හෙරොයින් කිලෝග්‍රෑම් 941ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1413ක් සහ ගංජා කිලෝග්‍රැම් 12558ක ප‍්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.