අගෝස්තු පළමුවනදා සිට 27 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයන් 178,969 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙනවා.
මේ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එය සංඛ්‍යාත්මක ලෙස 41,580ක් වනවා.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාවට වඩා මෙය 14,360ක ඉහළ යෑමක් වනවා.
මෙම වසරේ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ජනවාරි මාසයේදී වනවා.

