ශ්රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් අද දින රුපියල් 2000 ක සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් නිකුත් කරන ලදී.
ජාතික සංවර්ධනය සඳහා පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ නොනවතින කැපවීම පිළිබිඹු කරමින්, මෙම මුදල් නෝට්ටුව “සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය” යන සංවත්සර තේමාවට අනුකූල වනවා.
මෙය ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුවයි.




