රනිල් වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක්

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැන් කැදවා තිබෙනවා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය ඉදිරියේයි.

සැකකාර රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය හේතූන් මත අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් පෙනී සිටිනවා.

එසේම සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිනවා.