හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) දින අධිකරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වේ.
පසුගිය 22 වන දා අත්අඩංගුවට පත් වූ හිටපු ජනාධිපතිවරයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කරන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුව තීරණය කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහුව අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම නිර්දේශ නොකරන බවයි.
රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාට යටතේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ නීති කෘත්‍යය මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගෙන තිබෙනවා.

