මස් කන පරපෝෂිතයෙක් මිනිසෙකුට ආසාදනය වීමේ පළමු සිද්ධිය ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා.
New World screwworm (NWS) ලෙස හඳුන්වන මෙම පරපෝෂිතයන්, එල් සැල්වදෝරයේ සිට ඇමරිකා එක්සත් ජනපදයට ආපසු පැමිණි පුද්ගලයකුගේ සිට හඳුනා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
NWS myiasis යනු New World screwworm පරපෝෂිත මැස්සන් (Cochliomyia hominivorax) නිසා ඇති වන කීටයන් හෝ පණුවන්ගේ පරපෝෂිත ආසාදනයක් වනවා.
කෙසේවෙතත් මෙම පරපෝෂිතයන්ගෙන් දැනට ජනතාවට ඇති අවධානම ඉතා අඩු බවයි ඇමරිකාවේ බලධාරීන් සඳහන් කරන්නේ.
දකුණු ඇමරිකාව සහ කැරිබියන් දූපත් පුරා රටවල මෙම මැස්සන් පැතිර ගොස් ඇති අතර වඳ කෘමි තාක්ෂණය (SIT) නම් ක්‍රමයක් භාවිතා කරමින් දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපදයෙන් සහ මධ්‍යම ඇමරිකාවෙන් එය සාර්ථකව තුරන් කර තිබුණද, මෑත කාලයේ මධ්‍යම ඇමරිකානු රටවල සහ මෙක්සිකෝවේන් මොවුන් හඳුනා ගෙන තිබෙනවා.

