නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්

ඉකුත් සති කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ පද්ධතියේ විෂය පථයට අයත් කාරණා සම්බන්ධයෙන් පළ වී ඇති අදහස් සම්බන්ධයෙන් නීතිඥ සංගමය මගින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අධිකරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් බවත් එය ඉතා වගකීම් සහගත අන්දමින් කාලාන්තරයක් මුළුල්ලේ නීතියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එසේම යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කිරීමේදී හා නීතියේ විෂයපථයට අදාළ කරුණු වාර්තා කිරීමේ දී සුපරික්ෂාකාරී වන්නැයිද එහි සඳහන් කර තිබෙනවා.

එමෙන්ම අසත්‍ය පුවත් වාර්තා කිරීම නීතියට පටහැනි බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

එම නිවේදනය පහතින්,