ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවයි

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,408 දෙනෙකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙහෙ දී පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වැනි දිනට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1,408 දෙනෙකු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසන් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇති බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව ඒ සඳහා සුදුසුකම් සුදුසුකම් සම්පූර්ණ කළ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට (HRMIS) පිවිස අයදුම් කරන ලෙසයි දැනුම් දෙන්නේ.

අයදුම්කිරීමේ දිනය 2025.08.25 දිනෙන් අවසන් වන බැවින්, සියලුම අයදුම්කරුවන් ඊට පෙර මාර්ගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.