රක්ෂිත වල බදින තුවක්කු භාවිතා කරන්නන් ගැන දැනුම් දෙන්න අංකයක්

රක්ෂිත ප්‍රදේශවල සතුන් දඩයම් කිරීම සදහා බදින තුවක්කු බහුල වශයෙන් භාවිත කරන අතර එලෙස භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාවට වනජීවි දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට හැකියාව පවතින බවයි දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඒ අනුව 1992 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ ජනතාවට ඒ සම්බන්ධ තොරතුරු ලබා දිය හැකියි.

වනඅලි බහුල වශයෙන් වෙඩි වැදීම්වලට ලක්වන්නේ බදින තුවක්කු හේතුවෙන් බව වනජීවි දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එසේම එලෙස තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව කටයුතු කරන බව ද එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.