ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය හෙට (24) දිනයේ ද අවධානය යොමුකළ යුත් මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලද මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අදාළ ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකි වනවා.

