රනිල් අද FCIDයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (22) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක් සිදුකර තිබෙනවා .

ඒ සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු වන බව සඳහන්.