අද පාර්ලිමේන්තු කාලසටහන

පාර්ලිමේන්තුව අදත් (22) රැස්වීමට නියමිතයි.

ඒ අනුව අද සැලසුම් කර ගෙන ඇති කාලසටහන පහතින්,

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා

පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා විපක්ෂ විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව සභාව කල්තැබීමේ විවාදය

2025 ජූලි 24 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී විපක්ෂය විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව මෙම කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බව සඳහන්.