ඊයේ තිබුණු Google event 2025 එකේ දී Pixel පවුලේ අලුත්ම සාමාජිකයා වන Pixel10 එළි දැක්වූවා.
ඉතින් මේ අලුත්ම Pixel සාමාජිකයා AI වලින් බලගැන්වුණු හැඩකාරයෙක්. මෙයාගේ අඟල් 6.3ක FHD+ OLED තිරයක් තියෙනවා.
Google Tensor G5 chip එකකින් සහ Titan M2 security chip එකකින් මෙයා බල ගැන්වෙනවා.
12GB RAM එකක් තියෙන මේකේ 128GB හෝ 256GB storage options තියෙනවා.
4,970 mAh යුතු බැටරියක් තියෙන මේක 29W wired charging සහ 15W Qi2 wireless charging තියෙනවා.
මේකේ තියෙන Triple rear camera system එක නිසා තවත් ලස්සනට ෆොටෝ ගන්න පුළුවන්, ඒකට 48MP wide camera එකක් Macro Focus එකත් එක්ක , 13MP ultrawide, 10MP selfie camera එකක් තියෙනවා . ඒ වගේම google විසින් අලුතින් 10.8MP 5x telephoto lens එකකුත් මේකට හඳුන්වා දීලා තියෙනවා.
ඒ වගේම Magic Cue AI කියලා අලුත් feature එකක් මේකේ හඳුන්වලා දීලා තියෙනව. ඒක Gemini Nano වලින් තමයි බලගන්වලා තියෙන්නේ. Google Messages සහ Phone වලට connect වෙමින් අවශ්‍ය තොරතුරු ඉතා ඉක්මනින් සහ පහසුවෙන් පරිශීලකයන්ට මෙය ලබා දෙනවා.
Android 16 වලින් run වෙන මේක අලුතින් එන OS, security, and Pixel Drop update වලට අවුරුදු 07ක් යනකම් වැඩ කියලා තමයි කියන්නේ.
$799 ඉදන් මේක ගන්න පුළුවන්, ඒ වගේම මේකේ Obsidian, Frost, Indigo, Limoncello කියන පාට options තියෙනවා.

