ගාසා නගරය මුළුමනින්ම අල්ලා ගැනීමට සඳහා සැලසුම් කර ඇති භුමි ආක්රමණයේ මූලික පියවර මේ වන විට ආරම්භ කර ඇතැයි ඊශ්‍රායල හමුදාව පවසනවා.
ඒ අනුව සෙයිටවුන් සහ ජබාලියා ප්‍රදේශවල හමුදා දැනටමත් ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා
එසේම ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අඟහරුවාදා අනුමත කළ අතර මෙම සතිය අගදී ආරක්ෂක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු කිරීමට නියමිත බවයි හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කළේ.
මෙහෙයුම සඳහා ක්‍රියාකාරී රාජකාරියේ නියුතු පිරිස් නිදහස් කිරීම සඳහා රක්ෂිත භටයින් 60,000 ක් පමණ කැඳවා තිබෙනවා.
මේ අතර ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) පැවසුවේ ගාසා තීරයේ මිලියන 2.1 ක ජනගහනය සඳහා තවත් ව්‍යසනකාරී තත්ත්වයක් මේ හරහා ඇති විය හැකි බවයි.

