ගාසා නගරය මුළුමනින්ම අල්ලා ගැනීම සඳහා සැලසුම් කර ඇති භූමි ප්‍රහාරයකට පෙර රක්ෂිත භටයින් 60,000 ක් පමණ කැඳවන බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
ඔවුන් ලබන සැප්තැම්බර් මාසයේ දී සේවයට වාර්තා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම සයිටවුන් සහ ජබාලියා ප්‍රදේශවල හමුදා දැනටමත් ක්‍රියාත්මක වන බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.
මෙම ප්‍රහාර ආරම්භ වීමට පෙර ගාසා නගරයේ සිටින ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ට ඉවත් වී දකුණු ගාසා තීරයේ නවාතැන් වෙත යාමට නියෝග කිරීම සිදු වනු ඇත.
ඊශ්‍රායලයේ මෙම සැලසුම හරහා යුද්ධය තවත් භයානක මුහුණුවරක් ගනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධාන අනතුරු අඟවා ඇත්තේ.

