ආදිතම වැදි පරපුරෙන් එන කවුද මේ සුමන සමන් දෙවියන්

සුමන සමන් දෙවියන් ගැන  යනු දේශීය සම්භවයක් ඇති ලාංකීය දෙවි කෙනෙකු වනවා.

සුමන් සමන් දෙවියන් ගැන බොහෝ දෙනා දන්නේ බුදුරජාණන් වහන්සේ කැළණියට වැඩි අවස්ථාවේ දහම් අසා සෝවාන් ගිය දෙවියෙක් බවත්, ඒ දෙවියන්ගේ ආරාධනාවට දෙවියන්ගේ විමානය පිහිටි සමන්තකූඨ පර්වත මස්ථකයට වැඩම කර වම් සිරිපතුල පිහිටවු බවත් ය.

ඊට අමතරව සමන් දෙවියන් යනු ලංකාවේ ආදිවාසී ගෝත්‍රයේ නායිකාව වූ මහ ලොකු කිරි අම්මාගේ සහෝදරයා බව ජනප්‍රවාදයේ දැක්වෙනවා.

එසේම ප්‍රාදේශීය පාලකයෙකුව සිට මියගිය පසු දේවත්වයට පැමිණ සුමන සමන් නමින් සිරිපා අඩවියට අධිගෘහිතව වැඩවසන බවටද ජන විශ්වාසයේ පවතී.

බුදුන්ගෙන් බණ අසා සෝවාන් ඵලයට පැමිණි නිසා අණවිණ, කොඩිවිණ, හදි හූනියම් නොකරන ජනතාවට සෙත් පතන දෙවි කෙනෙකු බව ජනතාවගේ පූර්ණ විශ්වාසයයි.

සුමන සමන් දෙවියන් විසින් කිසිදු ආයුධයක් නොදරා සිටින්නේ ද එබැවිනි.

සමන් දෙවියන් හා සම්බන්ධ ප්‍රධාන පෙරහර දෙකක් පවතී.

මහියංගනය හා සබරගමුවේ මහ සමන් දේවාල වල කෙරෙන මේ පෙරහර දෙකම ඇරඹෙන්නේ මහනුවර ඇසළ පෙරහර අවසන් වූ පසුය. සබරගමුවේ සමන් දේවාලයේ පෙරහර කොටස් පහකින් යුක්තය. එනම් දළදා පෙරහැර, බිසෝ පෙරහැර, පත්තිනි පෙරහැර, සමන් පෙරහරල නරදේව පෙරහර යනුවෙනි. බිසෝ යනුවෙන් හැඳින් වෙන්නේ සමන් දෙවියන්ගේ අක්කා වන ,මහා ලොකු අක්කා, යැයි මහියංගන වැසියන් අතර විශ්වාසයක් ද තිබේ. මේ හේතු සාධක නිසාවෙන් ද සමන් දෙවියන් වැදි පරපුරට නෑකම් කියන අයෙක් ලෙස සැලකිය හැක.

සුමන සමන් දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන්නේ ඇතෙකි. බොහෝ අවස්ථාවල දී මේ ඇතා සුදු පැහැයෙන් නිරුපනය කර ඇත. අතීතයේ සමනල කන්ද රක්ෂිතයේ කුරු අලි වාසය කළා යැයි පැවසෙන අතර ඒ හේතුව නිසා සමන් දෙවියන්ගේ වාහනය මෙලෙස නිරුපනය කළා විය හැක.

ඔබ සැමට සුමන සමන් දෙවි පිහිටයි !