රත්රන් තීරුබදු වලින් නිදහස් වෙයි

රත්රන් තීරුබදු වලින් නිදහස් කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ප්‍රකාශ කරනවා.

මේ හරහා අනාගතයේ රත්රන් මිල සැලකිය යුතු ලෙස පහත වැටෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඇමරිකාවට විශාල වශයෙන් රත්රන් ආනයනය කරනු ලබන රටක් වන ස්විට්සර්ලන්තයට ට්‍රම්ප් විසින් 39%ක තීරුබද්දක් පනවනු ලැබුවා.

මේ හේතුවෙන් ආනයනය කරන ලද රත්රන් වල මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති පසුබිමකයි ට්‍රම්ප් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.