ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.
ඒ මීළඟ පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නාම සලකා බැලීම සඳහායි.
ජනාධිපතිවරයාගේ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 7 වැනිදා රැස්වූ නමුත් එහිදී අවසාන තීරණයක් ගැනීමට නොහැකි වුණා.
නෙරපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් පසුගියදා නෙරපා හරිනු ලැබුවා.
පසුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ප්‍රියන්ත වීරසූරියගේ නම මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස නිර්දේශ කරමින් එවා තිබුණා.
ඔහු 2024 වසරේ සැප්තැම්බර් මස 24 වැනිදා වැඩබලන පොලිස්පති ධූරයට පත් කෙරුණු අතර වසරකට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කරමින් සිටිනවා.

