2024 (2025) පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර නැවත පරීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම Online හරහා පමණක් සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම අයදුම්පත් භාර ගැනීම හෙට (12) සිට ලබන 26වනදා දක්වා සිදුකෙරෙනු.ලබනවා
උත්තර පත්‍ර නැවත පරීක්ෂණය සඳහා අයදුම්පත් යොමුකළ යුතු ආකාර 3ක් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියවන www.doenets.lk වෙත පිවිස “අපගේ සේවා” (our services) යටතේ ඇති පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය – 2024 (2025) – උත්තර පත්‍ර නැවත උත්තර පත්‍ර නැවත පරීක්ෂණය (Piriven Oridinary Level Examination-2024 (2025) – Re-scrutiny of Results) මත click කිරීම මගින් අයදුම්පත් යොමුකළ හැකියි.
එසේම , www.doenets.lk වෙත පිවිස “අපගේ සේවා ” (our services) යටතේ ඇති Exam Information Center සබැඳිය මත click කිරීම මගින්ද අයදුම්පත් යොමුකළ හැකි බව සඳහන්.
https://onlineexams.gov.lk/elc වෙත පිවිසීමෙන්ද අදාල අයදුම්පත් යොමු කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙන්නේ.
එහිදී එක් විෂයක් නැවත පරීක්ෂණය සඳහා රුපියල් 200ක මුදලක් අයකරන බවත් එම මුදල හර පතක් (Debit Card)/ ණය පතක් (Credit Card) භාවිත කර හෝ තැපැල් කාර්යාල මගින් ගෙවීම් සිදු කළ හැකි වනවා
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,


