සෑම පළාතකම අපරාධ කොට්ඨාසයක් පිහිටුවයි

සෑම පළාතකම අපරාධ කොට්ඨාසයක් පිහිටුවා ඇති බව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

ඒ දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති අපරාධ මැඩලීමේ මෙහෙයුම්වලට සමගාමීවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ අධීක්ෂණය යටතේ එම අපරාධ කොට්ඨාස ආරම්භ වන බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පොලිස් නිලධාරීන්ගෙන් ජනතාවට සිදුවන වැරදි සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවලක් ආරම්භ කර ඇතැයි ද, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ ය.