වනෝද්‍යාන නැරඹීම සඳහා ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට අද (10) සිට අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ අනුව සිය නිල වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා ඊයේ (09) දිගු පෝලිම් පැවතීමෙන් සංචාරකයින් දැඩි ලෙස අපහසුතාවට පත්වූ බව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එවැනි අපහසුතා ඇතිවීම වැළැක්වීමේ අරමුණින්, ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

