2024/ 2025 මහ කන්නයේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
මේ යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා ආදි වගාවන් සඳහා අක්කර 87,690ක වගා කළ ගොවීන් 74,958ක ප්රමාණයක් සඳහා අදාළ මුදල් ලබා දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ.
එසේම එම වගාවන් සිදුකරන ගොවීන් හට නියඟය, ගංවතුර සහ වන අලීන්ගෙන් සිදුවන හානිවලට ලක්වන අවස්ථාවේදී තම වගා බිම් හෙක්ටයාර එකකට රුපියල් 100,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම්ද සිදුකරනු ඇති බවත් එම නිවේදනයේ දක්වා තිබෙනවා.
ගොවි ජනතාව වැඩි වශයෙන් වගා කිරීම සඳහා යොමු කිරීමේ පරමාර්ථය මත නොමිලේ වගා රක්ෂණ ක්රමවේදය යටතේ මෙම වගා හානි වන්දි පිරිනමා තිබේ.
අදාළ නිවේදනය පහතින්,


