ගාසා නගරය අල්ලා ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල කැබිනට්ටුවෙන් අනුමැතිය

ගාසා හි හමුදා මෙහෙයුම් පුළුල් කිරීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ඉදිරිපත් කරන ලද සැලැස්මක් ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඊශ්‍රායලය මුළු ගාසා තීරයේම පාලනය අත්පත් කර ගැනීමට තමන් අදහස් කරන බවයි බෙන්ජමින් නෙතන්යාහු කියා සිටින්නේ.

අනුමත සැලැස්ම විශේෂයෙන් අවධානය යොමු කර ඇත්තේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජීවත් වන එම ප්‍රදේශයේ විශාලතම නගරය වන ගාසා නගරය කෙරෙහි ය.

ගාසා නගරය පාලනය කිරීම ගාසා තීරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමේ පළමු අදියර විය හැකි බවයි විචාරකයන් සඳහන් කරන්නේ.

ඒ අනුව 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සටන්කාමී කණ්ඩායමේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් මාස 22ක් පුරා ක්‍රියාත්මක කරන ලද ප්‍රහාරයේ තවත් තීව්‍රතාවයක් මෙම නව සැලැස්ම හරහා සනිටුහන් වනවා.

මෙම නව ප්‍රහාර ආරම්භ කරන දවසක් සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කර නොමැති අතර එම ප්‍රහාර වලට පෙර ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දෙන බවයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පවසන්නේ.

හමාස් මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාර දක්වා නැහැ.