පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ග්‍රාමීය හා දිස්ත්‍රික් රෝහල් විශාල ප්‍රමාණයක් වැසී යාමට ලක්වෙමින් පවතින බවත් ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාදීම අභියෝගයකට පත් වී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පේනවා දෙනවා .
මෙම ගැටලු සහ සිය වෘත්තියේ ඇති අනෙකුත් ගැටළු සඳහා නිසි විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.
වෛද්‍යවරුන් හා වෘත්තිය සමිති මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් පවත්වාගෙන යන අතර, පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිවයින පුරා ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමේ තීරණයක් ගත් බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව මෙම වර්ජනය එළඹෙන සඳුදා (11) උදෑසන 8ට ආරම්භ විය හැකි බවත්, හදිසි ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යාමට සැලසුම් කර ඇති බවත් ඔවුන් සඳහන් කරනවා.
ඒත් සමඟම, දෛනික සායන සේවාවන් බිඳවැටීමක් වාර්තා විය හැකි බවයි ඔවුන් පවසන්නේ.
මෙවැනි තත්ත්වයක් යටතේ ජනතාවට බලපෑම් මතුවීම නීතිවිරෝධී ක්‍රියාවලියක සෘජු ප්රතිවිපාකයක් බව පැහැදිලි බවත් අදාළ අමාත්‍යවරයා විසින් වහාම ක්‍රියාත්මක නොවන්නේ නම්, වෛද්‍ය වෘත්තිය සමිති දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩදුරටත් පෙන්වා දී ඇත.

