දෙවන පාසල් වාරය අදින් අවසන් වෙයි

2025 අධ්‍යන වර්ෂයේ දෙවන පාසල් වාරය අදින් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව තුන්වන පාසල් වාරයේ පළමු අදියර මේ මස 18 වන සඳුදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

එය ලබන ඔක්තෝම්බර් මස 17 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

අ . පො . ස .  උසස් පෙළ විභාගයෙන් පසුව, තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17 වන සඳුදා ආරම්භ වනවා.

එය දෙසැම්බර් මස 19 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මකයි.