නීත්‍යානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සමාජිකයින් 3,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව පසුගිය පෙබරවාරි මස 22 වන සිට අගෝස්තු මස 3 වන දින දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම්වල දී සේවය හැරගොස් සිටි ත්‍රිවිද හමුදා සාමජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සෙබලුන් 2,937 දෙනෙකු වනවා.
ඊට අමතරව නාවික හමුදා සෙබලුන් 289 දෙනෙකු සහ ගුවන් හමුදා සෙබලුන් 278 දෙනෙකු ද ඒ අතව වනවා.
නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවු ත්‍රිවිද හමුදාව හැරගොස් සිටින සාමාජිකයින් සඳහා හමුදාවට භාරවීමට පසුගිය වසරේ පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබු අතර එම කාලය තුළ භාර නොවු පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මස 22 වන දින සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

