ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත සංශෝධනයට අනුමැතිය

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම පනත සම්මත කර මේ වන විට වසර 25ක පමණ කාලයක් ගතවී ඇති අතර මෙම කාලසීමාව තුළ සිදුව ඇති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පරිවර්ථනයන් හේතුවෙන් ළමයින්ට එරෙහිව සිදුවන අපයෝජන හා හිංසනයන් සංකීර්ණ ස්වභාවයකට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් ළමයින්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන වැළැක්වීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට දැනට පවතින නීතිරීති කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කිරීම අවශ්‍ය බව හඳුනා ගෙන ඇත.

එම ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතේ කර්තව්‍යයන් වඩාත් පුළුල්ව, අර්ථවත්ව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා හඳුනාගනු ලැබු ඇති සංශෝධන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.