පළමු රන්දෝලි පෙරහැර අද

1751ක් වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අද රාත්‍රී 6.52ට යෙදෙන සුබ මොහොතිනුයි.

අවසන් කුඹල් පෙරහැර ඊයේ වීථි සංචාරය කළ අතර කතරගම වාසනාට එහි කරඬුව රැගෙන යාමේ වාසනාව හිමි වුණා.