ජූලි මාසයේ පැමිණි සංචාරක සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි

පසුගිය ජූලි මාසය තුළ මෙරටට  විදෙස් සංචාරකයින් දෙලක්ෂ 244 ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

ඒ අනුව වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇති අතර බි්‍රතාන්‍යයෙන් සහ නෙදර්ලන්තයෙන්ද සැලකිය යුතු පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

මේ සමඟම වසරේ ගත වූ කාලසීමාව තුළ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 13 ලක්ෂ 68, 288 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2024 වසරේ ජුලි මාසයට මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 87,810කි.