YouTube සමාජ මාධ්‍ය ජාලයේ පරිශීලකයින් මිලියන 400 සීමාව පසුකළ ලොව පළමු හා එකම නාලිකාව බවට පත්වීමට James Stephen Donaldson ගේ ‘MrBeast’ යූ ටියුබ් චැනලය සමත් වී තිබෙනවා.
ඒ අනුව ඔහු වෙනුවෙන්ම නවතම මාදිලියේ Play Button එකක් නිර්මාණය කිරීමට YouTube ප්‍රධාන විධායක නිලධාරී නීල් මොහාන් සැලසුම් කර තිබෙන බව සඳහන්.
Donaldson විසින් මෙම ‘MrBeast’ නාලිකාව 2012 වසරේ දී ආරම්භ කර තිබෙනවා.
මෙම නාලිකාව 2016 වසරේදී ග්‍රාහකයින් 100,000 සම්පූර්ණ කර තිබෙන අතර 2017 දී 1,000,000 සම්පූර්ණ කරනු ලැබුවා.
එසේම 2018 වසරේදී මිලියන 10 සීමාව සම්පූර්ණ කරමින් 2021 වසරේ දී මිලියන 50 සීමාවද පසුකර තිබෙනවා.
2022 වසරේ දී ඔහු ග්‍රාහකයි මිලියන 100 සීමාව දක්වා පැමිණීමට සමත් වී තිබෙනවා.
මෙම චැනලයේ මේ වනවිට වීඩියෝ 888කට අධික සංඛ්‍යාවක් ඇති අතර බිලියන 91කට වැඩි නැරඹුම් වාර සංඛ්‍යාවක් ද පවතිනවා.


